Tuesday, April 9, 2013

අරන් යන්නට දෙන්න අවසර අපි එකතු කෙරු අපේ මතකය






අදුරු වළාවන් පාවෙලා‘විත් - සිත හොරා ගෙන රහසෙම
නිහඩ මඟ තොට මතක කඳවුරු - වැලලිලා මට නොකියම
පාවෙලා ආ සිතුම් වැල් වල - වියො දුක ඇත හොඳටම
ඉතින් අවසර පතමි මම අද - නුඹෙන් වෙන්වි යන්නම

කදුළු ඇවිදින් හිර කරයි නෙතු - වාව ගනු බැරි හින්දම
පෑයු ඉර මල මලානිකවි - දුක දරා ගනු බැරි හින්දම
මතක මැදුරත් ඔහේ පාවෙයි - පෙමට පිදු හිත නමටම
ඉතින් වෙන්වෙමි තවත් නොහඩා - නුඹෙන් වෙන්වි දුරටම

කන්ද පිරිමැද පායලා ආ - සඳත් අද නොකියම
කඳුළු දොවමින් දෙඇස් තෙත්කර - ගිහින් අද දුරටම
වාන් දමනා දුක් සුසුම්වැල්- තබා උගසට රහසෙම
අරන් යන්නට දෙන්න අවසර - පෙමක් ලඟ මැව් සිහිනේම

Tuesday, April 2, 2013

මුසා








කාටත් වඩා ඔබ ගැන දන්නා හොදට 
තාමත් දැනෙනවා ඔබ ගැන පෙර පුරුද්දට
කිව්වත් කොහම ගලපා බොරු මුසා මට
රවටෙවීයැයි හිතුවද ඔබ මගේ හිත ....