Wednesday, September 2, 2020

අම්මා හිත හදාගත්තෙ තනියෙම්මයි පුතෙ


 පුතේ නුඹ ලොකුවෙලා

කියාදෙන්න මුළු ලොකේටම

අම්මා රහසින් හැඩුව හැටි

හදාගන්නට හිත තනියෙන්ම...


රිදවන්න තරමි හිත කවුරුවත්

හිටියෙ නැ ලඟ සනසවන්න...

කොනිතන්න පහුරන්න..

රිදුම් දි හඩවන්න...

අම්මා හිත හදාගත්තෙ

තනියෙන්මමයි හැමදාම...


පුතේ නුඹ ලොකුවෙන්න..

ඒත් කවදකවත් අම්මා හැඬු තරමටම

අම්මා විදවපු තරමටම..

එපා කිසිවෙකු​ට..

හිනෙකින්වත් නපුරක් පතන්න...

හිනෙකින් වත් නරකක් කරන්න


කළුවර හීනය....

Tuesday, April 9, 2013

අරන් යන්නට දෙන්න අවසර අපි එකතු කෙරු අපේ මතකය






අදුරු වළාවන් පාවෙලා‘විත් - සිත හොරා ගෙන රහසෙම
නිහඩ මඟ තොට මතක කඳවුරු - වැලලිලා මට නොකියම
පාවෙලා ආ සිතුම් වැල් වල - වියො දුක ඇත හොඳටම
ඉතින් අවසර පතමි මම අද - නුඹෙන් වෙන්වි යන්නම

කදුළු ඇවිදින් හිර කරයි නෙතු - වාව ගනු බැරි හින්දම
පෑයු ඉර මල මලානිකවි - දුක දරා ගනු බැරි හින්දම
මතක මැදුරත් ඔහේ පාවෙයි - පෙමට පිදු හිත නමටම
ඉතින් වෙන්වෙමි තවත් නොහඩා - නුඹෙන් වෙන්වි දුරටම

කන්ද පිරිමැද පායලා ආ - සඳත් අද නොකියම
කඳුළු දොවමින් දෙඇස් තෙත්කර - ගිහින් අද දුරටම
වාන් දමනා දුක් සුසුම්වැල්- තබා උගසට රහසෙම
අරන් යන්නට දෙන්න අවසර - පෙමක් ලඟ මැව් සිහිනේම

Tuesday, April 2, 2013

මුසා








කාටත් වඩා ඔබ ගැන දන්නා හොදට 
තාමත් දැනෙනවා ඔබ ගැන පෙර පුරුද්දට
කිව්වත් කොහම ගලපා බොරු මුසා මට
රවටෙවීයැයි හිතුවද ඔබ මගේ හිත ....

Wednesday, March 27, 2013

මම සිරකරැ අංක හත්සිය අසූහය....





(මෙම පැදිපෙල යාෂ්චොප්රා විසින් අධ්‍යක්‍ෂණය කළ ‘‘වීර් සාරා’’ චිත‍්‍රපටයේ අවසාන ජවනිකාව අයත් වූවකි. වසර ගණනාවක් පාකිස්ථානු සිරඳවුරක සිරකරුවෙක් ලෙස කල් ගෙවන වීර්ට (ෂාරුක් ඛාන්* අවසානයේ තම පෙම්වතිය වන සාරා (පී‍්‍රති සින්ටා* හමුවේ. එය සිදුවන්නේ පාකිස්ථානු අධිකරණයක් ඉදිරියේ වන අතර ඒ වනවිටත් ඔවන්ු සිටින්නේ ජීවිතයේ සැදෑ සමය ගත කරමිනි. වීර් ඉන්දියානුවෙකි. සාරා පාකිස්ථානු ජාතික කාන්තාවකි. ඔවුන්ගේ අසම්පූර්ණ ආදර අන්දරය සම්පූර්ණ කරන්නට උදව් වන්නේ සාමියා (රාණි මුකර්ජී* නම් ආධුනික නීතීඥවරයකි. මෙහි විශේෂත්වය වන්නේ වීර් හමුවන මොහොත වන විටත් සාරා තම මව් දේශය හැර ගොස් ඔහුගේ නිවසේ නවාතැන් ගෙන තම යුතුකම ඉටු කරන බව වීර් දැනගන්නේ අවසාන මොහොතේ වීමය. තම නිර්දොෂී භාවය අධිකරණය ඉදිරියේ වීර් කියා සිටින්නේ පහත පැදි පෙල මුලින් ඉදිරිපත් කරමිනි.)


මම සිරකරු අංක හත්සිය අසූහය
බලමි සිරමැදරියේ වැටෙන් එපිට
දකිමි, දින,මාස, වසර යුගයක්ව ගතවන’යුර

මේ බිමෙහි, ඇත මගේ පියාගේ කෙතෙහි සුවඳ
මේ හිරු කිරණ, සිහිගන්වයි අම්මාගෙ අතින් හැදුනු මුදවාපු කිරි සුවඳ
මේ සුළඟ කැන්දාන එයි මගේ මෝසම ද
මේ ශිශිරය ගෙනෙයි මගේ ‘ලෝඩියේ’ උණුහුම ද

පවසති, ඔවුහු මෙය නොවෙයි මෙය නුඹේ දේශය
එහෙත්, දැනෙනුයේ කිම මෙය මගේ දේශය ලෙසම
කියයි, ඔහු මා ඔහු මෙන් නොවන බව
එහෙත් අරුමයෙකි ඔහු මා මෙන් පෙනෙන සැටි

මම සිරකරු අංක හත්සිය අසූහය
බලමි සිරමැදරියේ වැටෙන් එපිට
දකිමි, එක් දෙව්දුවක් මගේ සිහින ගම්මානයෙන් මතුවන
ඇය, අමතන්නිය ඇයටම ‘‘සාමියා’’ නමින්
අමතයි ඇය, මා ‘‘වීර්’’ නමින්

ඇය, ආගන්තුක එකියකි මට
එහෙත්, තමන්ගේ කෙනෙකු 
මෙන් තැකීමක් ඇත ඈට
ඇගේ සත්‍යවාදී බසින්
දැනෙයි, නැවත ජීවත් වෙන්නට

ඇගේ සපථ කිරීම් හා පොරොන්දු 
අභියස, දැනෙයි යමක් කළ යුතු බව

විමසති, ඔවුහු කවුරුන්ද අය ඔබේ
එසෙනම්, ඇය ලොවට එදිරිවන්නේ කිම මා වෙනුවෙන්
පවසති, ඔවුහු ඇය මා මෙන් නොවන බව
එහෙත් අරුමෙයකි ඇය මා මෙන් පෙනෙන සැටි

මම සිරකරු අංක හත්සිය අසූහය
බලමි සිරමැදරියේ වැටෙන් එපිට

දකිමි, සාරා මගේ ගම්මානයේ පැහැයෙන් සැරසී
අනුන්ගේ සිහින සපුරනු වස්
අමතක කළාය ඇය තමන්ගේ සිහින

සේවය කරනු වස් මගේ පිරිසට
අත්හැරියාය ඇය තමන්ගේ උන්

ඇගේ දෝත තුටින් පුරවාලන්නට, 
ඇත අසීමිත ඇල්මක්
තවත් එක් භවයක් හිඳින්නට ඇය වෙනුවෙන්ම
ඇත අසීමිත ඇල්මක්

පවසති, ඔවුහු මාග් දේශය ඇයගේ නොවන බව
එසේනම්, මගේ නිවහනේ ඇය වසන්නේ කිම

කියයි, ඔහු මා ඔහු මෙන් නොවන බව
එහෙත් අරුමයෙකි ඔහු මා මෙන් පෙනෙන සැටි

මම සිරකරු අංක හත්සිය අසූහය
බලමි සිරමැදරියේ වැටෙන් එපිට

මෙතනින් බලන්න....
http://www.youtube.com/watch?v=j4Cetk_8Cp8


- සිදු


Thursday, March 21, 2013

එන්න නුඹ... ඇවිත් යන්න එන්න....

ලියා තැබු අමතක සැමරුම්
එකින් එක කොලයක් පුරා
ඇහිදගෙන මම ඔහේ පෙරලමි
නුඹව හොය හොය පිටු පුරා

ඇවිත් නැවිත් ගියපු සවසක
නුඹේ පින් රුව හිත පුරා
තාම සක්මයි කරයි රහසෙම
නෙතින් කඳුලැලි සල සලා

අද හෙටක නුඹ එන්න සවසක
මතකේ සුලඟක දවටලා
මම හිදිමි තව කල්පයක් වුව
නුඹට පෙම් හිත පවරලා


පෙම් හිත මැරිලා හුඟක් කල්... නුේ නමට මේ හිේ ඉදිවුන මතක මැදුරු එකින් එක ගිලිහිලා යනවා මටතොදැනිම
එත් මට එවා අයින් කරන්න වුවමනාවක් නැ
එකයි හැමදාමත් වේ නුේ රැපයම ොය ොය මම නුඹ වෙනුවෙන් මතක ේ පිටු පෙරලන්
  

Tuesday, March 19, 2013

පැරුණු සිතුවිලි

හීනේක තැවරුනු දුක් මුසු හැඟුමන්
සුසුමක එකිනෙක යාකරලා
නුඹ වෙත එවනෙමි රහසින් පාකර
හැඟුමන් කඳුලට බර වැඩි හින්දා

පැරදුනු පෙම ලඟ ලියැවෙන දුක් ගී
පෙම් හිත පාරයි කඳුළු සලා
නොලැබුනු හීත ලඟ හැඩවුන දෑසක්
රිදවයි මතකය කඳුළු දවා

දුක් පෙම් කවියට පද වැල් අමුනා
එක්කරනෙමි මම මගේ හැඟුමන්
කළුවර හීනෙට පාට තවර ගෙන
දුක් විදිනෙමි මම නුඹට හොරෙන්

Sunday, March 17, 2013

Kill my self....




පිහාටු පෑනට කඳුළු පුරෝගෙන
අපේ ආදරේ අකුරු හොයාගෙන

පද බැන්දා, හිමි හිමීට කඳුළු කතාවක්
තනිකම පපුවට තුරුල් කරාගෙන
කළුවර හීනෙක පාට හොයාගෙන
නුඹ හින්දා, දුක් වින්දා දහස් වතාවක් 


---------------------------------------------------------------------------------
මා පළමුවෙන් කළ යුත්තේ සිරුරේ බර දරාගත හැකි, ළණුවක් සොයාගැනීමයි. බොහෝ අවස්ථාවලදී අසාර්ථක උත්සාහයන් පිළිබඳ අසන්නට ලැබෙන්නේ සිරුරේ බර දරා ගත හැකි යමක් සොයා ගැනීමට අපහසු අවස්ථාවලදීය. වරපටකින් ගෙල වැල ලා ගැනීමේදී තත්පර දහයක පහළොවක වේදනා විඳ ගැනීමේ කාලයක් ගත කල යුතුය. මොළයට ඔක්සිජන් සැපයීම සියයට සියයක් නතර වන තෙක් අසිහියෙන් මෙන් දැඟලීමක් වේදනා විඳීමක් ඇත. මා ඒ සඳහා සූදානම් විය යුතුය.
---------------------------------------------------------------------------------
‘‘මගේ පපුවෙන් ආදරේ උතුරනව’’
ඈ ව්‍යාංගාර්ථයෙන් පැවසූ දෙය අවබෝධ වනවිට සියල්ල සිදුවී හමාරය.
නිල් පැහැ වුණු නියපොතු, ඉක්මන් මහන්සිය රෝග ලක්‍ෂණයක් විය හැකි බව එවක මට තේරුමක් නොමැති වුයෙන්, ඇයට නොවැරැුද්දේ දෙස් තැබුවෙමි.
‘‘හොදට කාල බීල ඉන්නවකො, ඇගේ හැටි, අඩි දෙකක් යන්න බෑ හති දානව’’
ඇය සියළු දෝෂාරෝපණයන් සුපරුදු සිනහවෙන් පිළිගත්තාය. මගේ ගමන් ගාස්තුවල සිට ඇදුම් පැලදුම් දක්වා සියළු වියදම් දැරුවේ ඇයයි. එකල මාගේ වෘත්තිය බවට පත්ව තිබුණේ ‘‘රස්තියාදුව‘‘ යි. මගේ සම වයසේ මිතුරෝ බොහෝ දෙනෙක්, අදටත් රස්තියාදුකරායන් ලෙස විවිධ තරාතිරම්වල රස්තියාදු ගසති. අපේ රස්තියාදුව දෙස ඇය බැලූවේ උපේක්‍ෂාවෙනි.
‘‘අන්න ඉන්නව, සගයො ටික, ඔතන හිටියට කමක් නෑ ? වෙන්න කලින් ගෙදර යනව.’’
---------------------------------------------------------------------------------
මැණික් කටුව ළඟින් කැපීමක් කිරීමේ අදහසක් ද හදිසියේ පහළ විය. ඉන් දැනෙන වේදනාව අඩු බවත්, සිරුරෙන් රුධිරය පිටවූ පසු සිරුර සැනින් අකී‍්‍රය වන බවත් දනිමි. අසාර්ථක උත්සාහයකින් පසු, සිරුරේ අග පසග අවසඟ වීමේ අවදානමක් ඇති වුවද, එසේ අසාර්ථක උත්සායක යෙදීමේ අදහසක් නැත.
ඒ සඳහා අවශ්‍ය වන්නේ හොඳින් කැපෙන පිහි තලයක් පමණි. අලූත් රේසර් තලයක්, මේස ලාච්චුවේ තිබුණා මතකය.
---------------------------------------------------------------------------------
‘‘මං මැරෙන්න යන්නෙ’’
ඇගේ දෑස්වල සියල්ල ලියැවී තිබිණි. සත්‍ය අසත්‍ය, ගුණ අගුණ සෙවීමේ අවශ්‍යතාවයක් නොවීය.
‘‘පොඩිකාලෙ ඉදන් තිබ්බෙ, මම ගණන් ගත්තෙ නෑ....හෝල් ඉන් ද හාට්...හාට් එකේ සිදුරක්...ඊයෙ මට හුඟක් අමාරුවුනා..අම්මල ඩොක්ටර් ලඟට ගෙනිච්ච..ඩොක්ටර් කියනව බයවෙන්න එපා කියල...එත් මම දන්නව, මට වැඩි කාලයක් නෑ...’’
මගේ පපුව තෙමුණේ ඇගෙ කදුළිනි. මගේ ජීවිතය පණ ගැහෙමින් අවසන් හුස්ම පොද පිට කරමින් තිබිණි.
---------------------------------------------------------------------------------
හත්වෙනි තට්ටුවට බැස යන හිරු රැුස් වැටෙන්නට විය. ඉහළ මාලයේ සිට බිමට පනින්නට වුවද පුළුවන. තැලී පොඩිවී ගිය මගේ සිරුර කිසිවෙකු හඳුනාගෙන පොලීසියට දන්වන්නට ඉඩ ඇත. මාගේ සමීපතයන් පිළිබඳ සැකයක් පහළ නොවන ආකාරයට මා අවසාන ලිපිය ලියා තැබිය යුතුය.
---------------------------------------------------------------------------------
‘‘අක්ක නැති වුනා අයියෙ......’’
ඇය කිසිත් නොකියා මගෙන් සමුගෙන ගියාය. කප්පරක් ආදරය.........අනන්ත ස්නේහය.. ඇගේ හදවතින් උතුරා ගොස් තිබිණි.
ලොකු පස් අහුරක් ඇගේ දෙන මතට දැමූ මම ආපසු හැරුණෙමි. අවසඟ දෙපා අපහසුවෙන් මාගේ සිරුර වත්තන් කරගෙන කැරකොප්පුවෙන් පිටතට රැුගෙන ආවේය.
‘‘සඳමාලි කුලසේකර මෙනෙවියට නිවන් සැප ලැබේවා‘‘
සුදු පැහැරු බැනරයක් ලොකු කළු අකුරින් ලියා තිබුණද, බැනරයේ විශාල හිස් බවක් දුටුවෙමි.
‘‘මගෙ නමත්, අගට තිබ්බ නම් ගැලපෙනව‘‘ යටි හිතෙන් මුමුණන්නට වීමි.
---------------------------------------------------------------------------------
හැමෝටම ආදරයෙන් ලියමි,
                උපන්දා සිට මේ තාක් නිය පිටින් පහරක් නොගහ මා වැ¥ අම්මේ තාත්තේ, දහස් වාරයක් සමාවෙන්න...අම්මේ මම යන්න  ඕනෙ.....අම්මට ලොකු අයිය ඉන්නව...ඒත් සදමාලි තනියම....මම යන්න  ඕනෙ....බඩිය, කල්පය, බූල, සුජිය උඹල මගෙ පෙට්ටියෙ හතරකොනට කරගහපල්ල........ඊලඟ ආත්මෙ මම සඳමාලි එක්කම එන්නම් උඹල එක්ක ඉන්න...
                මගේ මරණය ගැන පරීක්‍ෂණ කරන මහත්තුරුන්ට කියන්නෙ....සිහිකල්පනාවෙන් ගත්ත තීරණයක් මේක..මගේ මරණයට කිසිවෙක් වග කියන්න  ඕනෙ නෑ.........මට හතුරො නෑ කිසි කෙනෙක් ගැන සැක කරන්න එපා.

මීට
..............,
---------------------------------------------------------------------------------
කාමරයේ ජනෙල් පියන් හැර තිබේ. මරණයට බිය විය යුතු නැත. ඇය බොහෝ ආදරයෙන් එය වැළඳ ගත්තාය. පහළ මාලයේ කවුරුන් හෝ මගේ සිරුර හඳුනා ගනු ඇත.

-සිදු