Tuesday, March 19, 2013

පැරුණු සිතුවිලි

හීනේක තැවරුනු දුක් මුසු හැඟුමන්
සුසුමක එකිනෙක යාකරලා
නුඹ වෙත එවනෙමි රහසින් පාකර
හැඟුමන් කඳුලට බර වැඩි හින්දා

පැරදුනු පෙම ලඟ ලියැවෙන දුක් ගී
පෙම් හිත පාරයි කඳුළු සලා
නොලැබුනු හීත ලඟ හැඩවුන දෑසක්
රිදවයි මතකය කඳුළු දවා

දුක් පෙම් කවියට පද වැල් අමුනා
එක්කරනෙමි මම මගේ හැඟුමන්
කළුවර හීනෙට පාට තවර ගෙන
දුක් විදිනෙමි මම නුඹට හොරෙන්

No comments:

Post a Comment