Thursday, March 21, 2013

එන්න නුඹ... ඇවිත් යන්න එන්න....

ලියා තැබු අපේ මතක සැමරුම්
එකින් එක කොලයක් පුරා
ඇහිදගෙන මම ඔහේ පෙරලමි
නුඹව හොය හොය පිටු පුරා

ඇවිත් නැවිත් ගියපු සවසක
නුඹේ පින් රුව හිත පුරා
තාම සක්මයි කරයි රහසෙම
නෙතින් කඳුලැලි සල සලා

අද හෙටක නුඹ එන්න සවසක
මතකේ සුලඟක දවටලා
මම හිදිමි තව කල්පයක් වුව
නුඹට පෙම් හිත පවරලා


මේ පෙම් හිත මැරිලා හුඟක් කල්... නුඹේ නමට මගේ හිතේ ඉදිවුන මතක මැදුරු එකින් එක ගිලිහිලා යනවා මටත් නොදැනිම
එත් මට එවා අයින් කරන්න වුවමනාවක් නැ
එකයි හැමදාමත් වගේ නුඹේ රැපයම හොය හොය මම නුඹ වෙනුවෙන් මතක පොතේ පිටු පෙරලන්නේ
  

No comments:

Post a Comment