(මෙම පැදිපෙල යාෂ්චොප්රා විසින් අධ්‍යක්ෂණය කළ ‘‘වීර් සාරා’’ චිත්‍රපටයේ අවසාන ජවනිකාව අයත් වූවකි. වසර ගණනාවක් පාකිස්ථානු සිරඳවුරක සිරකරුවෙක් ලෙස කල් ගෙවන වීර්ට (ෂාරුක් ඛාන්* අවසානයේ තම පෙම්වතිය වන සාරා (පී‍්‍රති සින්ටා* හමුවේ. එය සිදුවන්නේ පාකිස්ථානු අධිකරණයක් ඉදිරියේ වන අතර ඒ වනවිටත් ඔවන්ු සිටින්නේ ජීවිතයේ සැදෑ සමය ගත කරමිනි. වීර් ඉන්දියානුවෙකි. සාරා පාකිස්ථානු ජාතික කාන්තාවකි. ඔවුන්ගේ අසම්පූර්ණ ආදර අන්දරය සම්පූර්ණ කරන්නට උදව් වන්නේ සාමියා (රාණි මුකර්ජී* නම් ආධුනික නීතීඥවරයකි. මෙහි විශේෂත්වය වන්නේ වීර් හමුවන මොහොත වන විටත් සාරා තම මව් දේශය හැර ගොස් ඔහුගේ නිවසේ නවාතැන් ගෙන තම යුතුකම ඉටු කරන බව වීර් දැනගන්නේ අවසාන මොහොතේ වීමය. තම නිර්දොෂී භාවය අධිකරණය ඉදිරියේ වීර් කියා සිටින්නේ පහත පැදි පෙල මුලින් ඉදිරිපත් කරමිනි.)
මම සිරකරු අංක හත්සිය අසූහය
බලමි සිරමැදරියේ වැටෙන් එපිට
දකිමි, දින,මාස, වසර යුගයක්ව ගතවන’යුර
මේ බිමෙහි, ඇත මගේ පියාගේ කෙතෙහි සුවඳ
මේ හිරු කිරණ, සිහිගන්වයි අම්මාගෙ අතින් හැදුනු මුදවාපු කිරි සුවඳ
මේ සුළඟ කැන්දාන එයි මගේ මෝසම ද
මේ ශිශිරය ගෙනෙයි මගේ ‘ලෝඩියේ’ උණුහුම ද
පවසති, ඔවුහු මෙය නොවෙයි මෙය නුඹේ දේශය
එහෙත්, දැනෙනුයේ කිම මෙය මගේ දේශය ලෙසම
කියයි, ඔහු මා ඔහු මෙන් නොවන බව
එහෙත් අරුමයෙකි ඔහු මා මෙන් පෙනෙන සැටි
මම සිරකරු අංක හත්සිය අසූහය
බලමි සිරමැදරියේ වැටෙන් එපිට
දකිමි, එක් දෙව්දුවක් මගේ සිහින ගම්මානයෙන් මතුවන
ඇය, අමතන්නිය ඇයටම ‘‘සාමියා’’ නමින්
අමතයි ඇය, මා ‘‘වීර්’’ නමින්
ඇය, ආගන්තුක එකියකි මට
එහෙත්, තමන්ගේ කෙනෙකු
මෙන් තැකීමක් ඇත ඈට
ඇගේ සත්‍යවාදී බසින්
දැනෙයි, නැවත ජීවත් වෙන්නට
ඇගේ සපථ කිරීම් හා පොරොන්දු
අභියස, දැනෙයි යමක් කළ යුතු බව
විමසති, ඔවුහු කවුරුන්ද අය ඔබේ
එසෙනම්, ඇය ලොවට එදිරිවන්නේ කිම මා වෙනුවෙන්
පවසති, ඔවුහු ඇය මා මෙන් නොවන බව
එහෙත් අරුමෙයකි ඇය මා මෙන් පෙනෙන සැටි
මම සිරකරු අංක හත්සිය අසූහය
බලමි සිරමැදරියේ වැටෙන් එපිට
දකිමි, සාරා මගේ ගම්මානයේ පැහැයෙන් සැරසී
අනුන්ගේ සිහින සපුරනු වස්
අමතක කළාය ඇය තමන්ගේ සිහින
සේවය කරනු වස් මගේ පිරිසට
අත්හැරියාය ඇය තමන්ගේ උන්
ඇගේ දෝත තුටින් පුරවාලන්නට,
ඇත අසීමිත ඇල්මක්
තවත් එක් භවයක් හිඳින්නට ඇය වෙනුවෙන්ම
ඇත අසීමිත ඇල්මක්
පවසති, ඔවුහු මාග් දේශය ඇයගේ නොවන බව
එසේනම්, මගේ නිවහනේ ඇය වසන්නේ කිම
කියයි, ඔහු මා ඔහු මෙන් නොවන බව
එහෙත් අරුමයෙකි ඔහු මා මෙන් පෙනෙන සැටි
මම සිරකරු අංක හත්සිය අසූහය
බලමි සිරමැදරියේ වැටෙන් එපිට
මෙතනින් බලන්න....
http://www.youtube.com/watch?v=j4Cetk_8Cp8
- සිදු