Sunday, March 17, 2013

Kill my self....




පිහාටු පෑනට කඳුළු පුරෝගෙන
අපේ ආදරේ අකුරු හොයාගෙන

පද බැන්දා, හිමි හිමීට කඳුළු කතාවක්
තනිකම පපුවට තුරුල් කරාගෙන
කළුවර හීනෙක පාට හොයාගෙන
නුඹ හින්දා, දුක් වින්දා දහස් වතාවක් 


---------------------------------------------------------------------------------
මා පළමුවෙන් කළ යුත්තේ සිරුරේ බර දරාගත හැකි, ළණුවක් සොයාගැනීමයි. බොහෝ අවස්ථාවලදී අසාර්ථක උත්සාහයන් පිළිබඳ අසන්නට ලැබෙන්නේ සිරුරේ බර දරා ගත හැකි යමක් සොයා ගැනීමට අපහසු අවස්ථාවලදීය. වරපටකින් ගෙල වැල ලා ගැනීමේදී තත්පර දහයක පහළොවක වේදනා විඳ ගැනීමේ කාලයක් ගත කල යුතුය. මොළයට ඔක්සිජන් සැපයීම සියයට සියයක් නතර වන තෙක් අසිහියෙන් මෙන් දැඟලීමක් වේදනා විඳීමක් ඇත. මා ඒ සඳහා සූදානම් විය යුතුය.
---------------------------------------------------------------------------------
‘‘මගේ පපුවෙන් ආදරේ උතුරනව’’
ඈ ව්‍යාංගාර්ථයෙන් පැවසූ දෙය අවබෝධ වනවිට සියල්ල සිදුවී හමාරය.
නිල් පැහැ වුණු නියපොතු, ඉක්මන් මහන්සිය රෝග ලක්‍ෂණයක් විය හැකි බව එවක මට තේරුමක් නොමැති වුයෙන්, ඇයට නොවැරැුද්දේ දෙස් තැබුවෙමි.
‘‘හොදට කාල බීල ඉන්නවකො, ඇගේ හැටි, අඩි දෙකක් යන්න බෑ හති දානව’’
ඇය සියළු දෝෂාරෝපණයන් සුපරුදු සිනහවෙන් පිළිගත්තාය. මගේ ගමන් ගාස්තුවල සිට ඇදුම් පැලදුම් දක්වා සියළු වියදම් දැරුවේ ඇයයි. එකල මාගේ වෘත්තිය බවට පත්ව තිබුණේ ‘‘රස්තියාදුව‘‘ යි. මගේ සම වයසේ මිතුරෝ බොහෝ දෙනෙක්, අදටත් රස්තියාදුකරායන් ලෙස විවිධ තරාතිරම්වල රස්තියාදු ගසති. අපේ රස්තියාදුව දෙස ඇය බැලූවේ උපේක්‍ෂාවෙනි.
‘‘අන්න ඉන්නව, සගයො ටික, ඔතන හිටියට කමක් නෑ ? වෙන්න කලින් ගෙදර යනව.’’
---------------------------------------------------------------------------------
මැණික් කටුව ළඟින් කැපීමක් කිරීමේ අදහසක් ද හදිසියේ පහළ විය. ඉන් දැනෙන වේදනාව අඩු බවත්, සිරුරෙන් රුධිරය පිටවූ පසු සිරුර සැනින් අකී‍්‍රය වන බවත් දනිමි. අසාර්ථක උත්සාහයකින් පසු, සිරුරේ අග පසග අවසඟ වීමේ අවදානමක් ඇති වුවද, එසේ අසාර්ථක උත්සායක යෙදීමේ අදහසක් නැත.
ඒ සඳහා අවශ්‍ය වන්නේ හොඳින් කැපෙන පිහි තලයක් පමණි. අලූත් රේසර් තලයක්, මේස ලාච්චුවේ තිබුණා මතකය.
---------------------------------------------------------------------------------
‘‘මං මැරෙන්න යන්නෙ’’
ඇගේ දෑස්වල සියල්ල ලියැවී තිබිණි. සත්‍ය අසත්‍ය, ගුණ අගුණ සෙවීමේ අවශ්‍යතාවයක් නොවීය.
‘‘පොඩිකාලෙ ඉදන් තිබ්බෙ, මම ගණන් ගත්තෙ නෑ....හෝල් ඉන් ද හාට්...හාට් එකේ සිදුරක්...ඊයෙ මට හුඟක් අමාරුවුනා..අම්මල ඩොක්ටර් ලඟට ගෙනිච්ච..ඩොක්ටර් කියනව බයවෙන්න එපා කියල...එත් මම දන්නව, මට වැඩි කාලයක් නෑ...’’
මගේ පපුව තෙමුණේ ඇගෙ කදුළිනි. මගේ ජීවිතය පණ ගැහෙමින් අවසන් හුස්ම පොද පිට කරමින් තිබිණි.
---------------------------------------------------------------------------------
හත්වෙනි තට්ටුවට බැස යන හිරු රැුස් වැටෙන්නට විය. ඉහළ මාලයේ සිට බිමට පනින්නට වුවද පුළුවන. තැලී පොඩිවී ගිය මගේ සිරුර කිසිවෙකු හඳුනාගෙන පොලීසියට දන්වන්නට ඉඩ ඇත. මාගේ සමීපතයන් පිළිබඳ සැකයක් පහළ නොවන ආකාරයට මා අවසාන ලිපිය ලියා තැබිය යුතුය.
---------------------------------------------------------------------------------
‘‘අක්ක නැති වුනා අයියෙ......’’
ඇය කිසිත් නොකියා මගෙන් සමුගෙන ගියාය. කප්පරක් ආදරය.........අනන්ත ස්නේහය.. ඇගේ හදවතින් උතුරා ගොස් තිබිණි.
ලොකු පස් අහුරක් ඇගේ දෙන මතට දැමූ මම ආපසු හැරුණෙමි. අවසඟ දෙපා අපහසුවෙන් මාගේ සිරුර වත්තන් කරගෙන කැරකොප්පුවෙන් පිටතට රැුගෙන ආවේය.
‘‘සඳමාලි කුලසේකර මෙනෙවියට නිවන් සැප ලැබේවා‘‘
සුදු පැහැරු බැනරයක් ලොකු කළු අකුරින් ලියා තිබුණද, බැනරයේ විශාල හිස් බවක් දුටුවෙමි.
‘‘මගෙ නමත්, අගට තිබ්බ නම් ගැලපෙනව‘‘ යටි හිතෙන් මුමුණන්නට වීමි.
---------------------------------------------------------------------------------
හැමෝටම ආදරයෙන් ලියමි,
                උපන්දා සිට මේ තාක් නිය පිටින් පහරක් නොගහ මා වැ¥ අම්මේ තාත්තේ, දහස් වාරයක් සමාවෙන්න...අම්මේ මම යන්න  ඕනෙ.....අම්මට ලොකු අයිය ඉන්නව...ඒත් සදමාලි තනියම....මම යන්න  ඕනෙ....බඩිය, කල්පය, බූල, සුජිය උඹල මගෙ පෙට්ටියෙ හතරකොනට කරගහපල්ල........ඊලඟ ආත්මෙ මම සඳමාලි එක්කම එන්නම් උඹල එක්ක ඉන්න...
                මගේ මරණය ගැන පරීක්‍ෂණ කරන මහත්තුරුන්ට කියන්නෙ....සිහිකල්පනාවෙන් ගත්ත තීරණයක් මේක..මගේ මරණයට කිසිවෙක් වග කියන්න  ඕනෙ නෑ.........මට හතුරො නෑ කිසි කෙනෙක් ගැන සැක කරන්න එපා.

මීට
..............,
---------------------------------------------------------------------------------
කාමරයේ ජනෙල් පියන් හැර තිබේ. මරණයට බිය විය යුතු නැත. ඇය බොහෝ ආදරයෙන් එය වැළඳ ගත්තාය. පහළ මාලයේ කවුරුන් හෝ මගේ සිරුර හඳුනා ගනු ඇත.

-සිදු

1 comment:

  1. කළුවර හීනෙක පාට හොයාගෙන
    නුඹ හින්දා, දුක් වින්දා දහස් වතාවක්


    :)

    ReplyDelete